30.6 C
Colombo
Wednesday, September 10, 2025

හරියටම මැතිවරණය පැවැත්වෙන දිනය…

Published:

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවය.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජි. පුංචිහේවා මහතා එම අදහස් පළ කළේය.

“මහ මැතිවරණයක් පවත්වන්න නම් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාටවත් බලයක් නෑ ලබන අවුරුද්දේ මාර්තු වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. පාර්ලිමේන්තුව පත්වෙලා වසර 2 හමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන් බෑ. එහෙම නැත්නම් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීමත් පිළිගන්නවා ද නැද්ද කියන එකේ පූර්ණ, පරම අභිමතය තියෙනවා ජනාධිපතිවරයාට. ඒක පිළිගන්නත් පුළුවන්. නොපිළිගන්නත් පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව අනුව. එය නොපිළිගත්තොත් කරන්න දෙයක් නෑ. ඒ නිසා මහ මැතිවරණය ගැන හිතන්න වෙන්නේ ඉදිරි කාලයේ මේ තියෙන සීමා යටතේ.”

මේ අතර පළාත් සභා මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කල්දැමීම ඇතුළු රජය ගෙන යන නීතී විරෝධී වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහජන පෙත්සමක් අත්සන් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, අද දිනයේ පාර්ලිමේන්තුවේ දී එම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img