28.4 C
Colombo
Sunday, July 6, 2025

සූර්යවංශි IPL වාර්තා අලුත් කරයි

Published:

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී, තවමත් 14 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙකු IPL වාර්තා අලුත් කිරීමට ඊයේ රාත්‍රියේ සමත් විය.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන Vaibhav Suryavanshi විසින්.

ඔහු පන්දු 38 කින් ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව IPL ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් විය.

මෙම ශතකය IPL තරගාවලියේ දෙවන වේගවත්ම ශතකය ද වෙයි.

සූර්යවංශි මෙම ශතකය සඳහා හයේ පහර 11 ක් එල්ල කළ අතර එය IPL ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත්විය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ශුබ්මන් ගිල් ලකුණු 84ක් රැස්කළ අතර ජොස් බට්ලර් නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

පන්දු යැවීමේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් දවාගත්තේය.

ලකුණු 210ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කඩුලු 2ක් දැවි ලකුණු 212ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 70ක් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img