27.2 C
Colombo
Friday, August 29, 2025

සුර්ය බල ව්‍යාපෘති සඳහා අත්සන් කෙරුණු ගිවිසුම…

Published:

ඇමරිකානු ඩොලර් බිලියන 48ක ආයෝජනයකින් යුතු සූර්ය බල ව්‍යාපෘති සඳහා ආයෝජනය ගිවිසුම්
අත්සන් කිරීම අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මධ්‍යම පළාත සහ උතුරු මැද පළාත කේන්ද්‍රකර ගනිමින් මූලික පියවරක් ලෙස මෙම ව්‍යාපෘති ආරම්භ කරන අතර මධ්‍යම පළාතේ රජයේ ගොඩනැගිලි 451 සහ ගොඩනැගිලි 1300ක් ආවරණය වන පරිදි මෙගා වොට් 65 ක විදුලි උත්පාදනයක් මෙමගින් ඇති කිරීමට නියමිතයි.

උතුරු මැද පළාතේ රජයේ ගොඩනැගිලි 234 ක් සඳහා මෙගාවොට් 10ක විදුලි උත්පාදනයක් ආරම්භ කරන
අතර එය මෙගා වොට් 50 ක විදුලි උත්පාදනයක් දක්වා එය පුළුල් කිරීමට බලාපොරොත්තුවේ.

මෙම විදුලි උත්පාදනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් එම පළාත් සභා වෙත ද ලබාදීමට නියමිතයි..

GAIA GREEN ENERGY NCN පුද්ගලික සමාගම පාසැල් හා රෝහල් මත මෙම සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වීම අද සිදුකෙරුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ,

විදුලිබල ක්ෂේත්‍රයේ විශාල අර්බුදයකට ලක්ව සිටින විට මෙවැනි ආයෝජන අවස්ථා ඉතා වටිනා බවත් ,උතුරුමැද හා මධ්‍යම පළාත් වලින් ආරම්භ කරන මෙම ව්‍යාපෘති ඉදිරියේ දී දිවයින පුරා සිදු කිරීමට ආයෝජකයින් කැමැත්ත පළ කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එවැනි ආයෝජන සහ සංවර්ධන කටයුතුසිදු කරන කාලයේදී විරෝධතා අරගල කිරීම රටට අයහපතක් බවද පසුගිය විරෝධතා නිසා ආයෝජකයින් පැමිණීම නතර කර තිබූ බව ද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img