28.4 C
Colombo
Tuesday, August 26, 2025

සුදේව ඇතුළු පිරිසක් සිංහරාජ ගොන්ගල අක්කර 550ක් අල්ලාගෙන…

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් විසිනි සිංහරාජ ගොන්ගල කඳුවැටියෙන් අක්කර පන්සිය පනහකට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරයි.
එහි ප්‍රධානී සජීව චාමිකර විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

‘ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ දී අජිත් රාජපක්ෂ හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු කිහිපදෙනෙකු විසින් ගොන්ගල කඳුවැටියට ඉදිරියෙන් පිහිටි උල්ලිදුවාව ග්‍රාම නිලධාරී වසමට අයත් පනිල්කන්ඳේ කබරගල වනාන්තර කොටසට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන අක්කර 550 ක් අත් පත් කර ගෙන තිබේ. ඊට අමතර ව එම ඉඩම් අවට වගා කරමින් සිටි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර පුද්ගලයන් 41 දෙනෙකුට නඩු පවරා එම ඉඩම් අත් පත් කර ගැනීමට ද උත්සාහ කෙරිනි.

මෙම සියලු වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශ ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශ වේ. ඊට අමතර ව මෙම කඳු බෑවුම් ඔස්සේ ගලා එන ජලය ඒ අවට ජනතාව ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා භාවිතයට ගැනේ. එපමණක් නො ව මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය සිංහරාජ අඩවියේ ජීවත් වන බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන සුවිශේෂී පරිසර පද්ධති වේ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img