31.7 C
Colombo
Tuesday, August 26, 2025

සිව්වරක් ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට…

Published:

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට ඊයේ (01) සිදුවුණා.

ඒ, එෆ් කණ්ඩයේ ක්‍රොඒෂියා කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමඟයි.

මෙම තරගයේ නියමිත කාලය තුළ දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, අනුව ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

ඊයේ නිමා වූ මෙම තරගයට ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එෆ් කණ්ඩයෙන් මීළඟ වටයට සුදුකම් ලබගත්ය් කණඩායම බවට ක්‍රොඒෂියාව පත්වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලිය තුළ බෙල්ජියම් කණ්ඩායම තරග තුනකට සහභාගී වී එක් තරගයක් ජයග්‍රහණය කර, එක් තරගයක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීම හේතුවෙන් ඔවුන්ට හිමි වුණේ ප්‍රසාද ලකුණු 04ක් පමණයි.

මේ අතර සිව්වරක් පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මනියට ද මෙවර පාපන්ද ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

කොස්ටාරිකාව සමඟ ඊයේ පැවති තරගය ගෝල හතරට දෙකක් ලෙස ජර්මනිය ජයගත්ත ද ජර්මනිය තරග කරන ඊ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකේ ජපානය සහ ස්පාඤ්ඤය පසුවීම හේතුවෙන් ජර්මනියට සුපිරි 16 දෙනාගේ වටයේ ස්ථානයක් හිමිවුයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img