27.8 C
Colombo
Thursday, August 21, 2025

සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

Published:

“සිරි දළදා වන්දනා” 07 වැනි දිනය අදයි.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින “සිරි දළදා වන්දනාව” සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට “සිරි දළදා වන්දනාව” සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය ද යළි දැනුම්දෙන තුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රීයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img