27.2 C
Colombo
Monday, July 7, 2025

සිරි දළදා වන්දනාවේ පස්වන දිනය අද

Published:

සිරි දළදා වන්දනාවේ 5 වන දිනය අදයි.

ඊයේ සිට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට ලබාදී තිබූ කාලය තවත් පැයකින් දීර්ඝ කෙරුණු අතර ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳපුදාගත හැකියි.

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැඳැහැවතුන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ඊයේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇති ස්ථාන, දන්සැල්, යාවත්කාලින වන නිවේදන, ප්‍රථමාධාර සේවා ඇතුලු අනෙකුත් පහසුකම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා QR කේත ඇතුළත් පුවරු ස්ථාපිත කර තිබේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img