27.2 C
Colombo
Monday, July 7, 2025

සිය ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද(22) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි. අදාළ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්මත ක්‍රියාත්මක කළ බවයි, බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය. නමුත් අද(22) නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි. වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බව ද බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ…

Published:

සිය ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද(22) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.

අදාළ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්මත ක්‍රියාත්මක කළ බවයි, බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය.

නමුත් අද(22) නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි.

වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බව ද බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img