30.6 C
Colombo
Monday, July 7, 2025

සියළු රාජ්‍ය ආයතනවල සේවකයන් අඩු කරයි.. ස්වයං විශ්‍රාම ගන්වයි…

Published:

සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් අඩු කිරීම මේ දිනවල සිදුකරමින් ඇතැයි ‍ප‍්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ද දැනට ක්‍රියාවට නංවා ඇතැයි හෙතෙම පැවසීය.
අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

‘සෑම ආයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියාකරගෙන යනවා. ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්න මහ භාණ්ඩාගාරය උපදෙස් දීලා තියෙනවා. සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා තියෙනවා. අතිරික්තව ඉන්න අය ස්වයං විශ්‍රාම ගන්වන්න තමා රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ. අපි යටතේ තියෙන ආයතනවලත්, මාධ්‍ය ආයතන තුළත් ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම ගැන කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img