26.1 C
Colombo
Tuesday, January 13, 2026

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ තීරණාත්මක සටනක…

Published:

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ තීරණාත්මක සටනක…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 03ක් දැවී ලකුණු 174ක් රැස් කර ගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 91යි. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 07ක් රැස්කර ගෙන සිටියා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 47කට දැවී ගිය අතර නායක දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 12ක් පමණයි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 13කට දැවී ගියා. මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 361ක්. ඒ අනුව තරගයේ ජය ගැනීමට නම් කඩුලු 07ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිළ තවත් ලකුණු 187ක් ලබා ගත යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img