29.5 C
Colombo
Wednesday, September 3, 2025

සිපෙට්කෝ මිල ගණන් සංශෝධනය කෙරේ…

Published:

සිපෙට්කෝ මිල ගණන් සංශෝධනය කෙරේ…

අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 540ක් වනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440ක් වේ.

සූපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 510ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,500FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img