26.7 C
Colombo
Wednesday, August 27, 2025

සැබෑ වරදකරුවන් සඟවන්න එපා – කාදිනල් හිමි ඉල්ලති…

Published:

සැබෑ වරදකරුවන් සඟවන්න එපා – කාදිනල් හිමි ඉල්ලති…

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ට දඩුවම් දෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ වගකීම් පැහැරහැරි ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කඳුළු හෙළන බවය.

තේවත්ත ජාතික බැසිලිකාවේ දේව මෙහෙයකට අද (30) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසුහ‍.

රජය විසින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් සොයා ඔවුන්ට දඩුවම් කරන බවට වු පොරොන්දුව ඉටුකරාවි යැයි තමන් බලාපොරොත්තු වන බවද උන්වහන්සේ පැවසුහ.

එසේම ආගම හා භාෂාව පදනම් කරගත් සියලු පක්ෂ තහනම් කිරීමට තමන් රජයට යෝජනා කර සිටින බවත් කාදිනල් හිමියෝ ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img