27.2 C
Colombo
Friday, August 29, 2025

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් බහුතරයකට කොවිඩ් එන්නත ලබා දෙන්න – ජනපති ගෙන් උපදෙස්…

Published:

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් බහුතරයකට කොවිඩ් එන්නත ලබා දෙන්න – ජනපති ගෙන් උපදෙස්…

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාවය දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ජුලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර ඇත්තේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබේ. මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙනු දී සිටියා.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතය. ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරේ. ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙන ලදියි.

මේ වනවිට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කයටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයට ලබා දිමටත් සැලසුම් කර ඇත.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකුල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරුණා.

මේ වන විට සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන්නා. එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img