27.2 C
Colombo
Monday, July 7, 2025

සැපයුම්කරුවනට මුදල් ගෙවා නෑ.. රෝහල්වලට ආහාර ලබාදිමට නොහැකි බව දැනුම් දෙයි…

Published:

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සේවා කාර්යාලය යටතේ තිබෙන මුලික රෝහල් සහ ප්‍රාදේශිය රෝහල් 46 කට කොන්ත්‍රාත් පදනම මත ආහාර ද්‍රව්‍ය දිනපතා ලබාදෙන කොන්ත්‍රාත්කරුවන්ට මාස දෙකක පමණ කාලයක් මුදල් ලබා නොදිම හේතුවෙන් තවදුරටත් එම රෝහල් වල ආහාර ද්‍රව්‍ය ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව කොන්ත්‍රාත්කරුවන් පැවසිය.
එම රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ට ආහාර පාන ලබා දිම සදහා රෝහල් පරිපාලනය විසින් කොන්ත්‍රාත්කරුට දෛනිකව ලබාදෙන ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවක් අනුව එම කොන්ත්‍රාත්කරුවන් එම රෝහල් වල අදාල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කර ලබාදෙනු ලබයි.

එම කොන්ත්‍රාත්කරුවන් කියා සිටින්නේ ණය පදනම මත තමන් වෙලදසැල් වලින් ආහාර ද්‍රව්‍ය මිල දි ගෙන අදාල රෝහල් වලට ආහාර ද්‍රව්‍ය නිකුත් කරන බවත්, මාස දෙකක් තිස්සේ මුදල් නොලැබිම හමුවේ එම වෙලදසැල් වලට මුදල් ගෙවිමට හෝ තමන් යටතේ සේවය කරන සේවකයින්ට වැටුප් පවා ගෙවිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ තවදුරටත් රෝහල් වලට ආහාර ද්‍රව්‍ය නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ වසර අවසාන භාගය නිසා මුදල් ලැබිමේ ප්‍රමාදයක් පවතින බවත්, දැනට ලැබි ඇති මුදල් ප්‍රමුඛතා ලැයිස්තුව මත ගෙවිමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

මේ වසර අවසානයට ප්‍රථම රෝහල් වලට ආහාර ද්‍රව්‍ය සපයන කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවිමට පියවර ගන්නා බවද නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img