27.8 C
Colombo
Wednesday, August 27, 2025

සාරිය ගැලවූ ගුරුවරියන්ට විනය පියවර කැදවයි..

Published:

සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. පාසැල් ගුරුවරියන් සඳහා අනුමත වී ඇත්තේ සාරිය සහ ඔසරිය පමණක් බවත් ඒ වෙනුවට වෙනත් ඇඳුම් වලින් පැමිණි ගුරුවරියන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නෙ මහතා සඳහන් කරන්නේ රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට පැමිණීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසැල්වලට අදාළ නොවන බවයි.

පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත් ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img