31.7 C
Colombo
Sunday, July 6, 2025

සාමූහිකත්වයේ බලය විදහා දක්වන ලෝක කම්කරු දිනය අදයි

Published:

ලොව පුරා වැඩකරන ජනතාව අද කම්කරු දිනය සමරති.

1886 මැයි පළමු දින තම කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන්ට එල්ල කළ අසාධාරණ ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ, ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් දිනය අදටත් ලොව සාමූහිකත්වයේ බලය විදහා දක්වන අග්‍ර ගණයේ සැමරුමක් ලෙස හැඳින්විය හැකියි.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වූහ.

මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් පවා හටගැනුණි.

එහිදී පොලීසිය කළ වෙඩි තැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරස්‍රයේ යෝධ රැළියක් සංවිධාන කිරීමටයි කටයුතු කෙරුණේ.

දිනකට පැය අටක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමුවනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණි.

අද පැය අටේ වැඩ දිනය භුක්ති විඳින මුළු ලොව පුරාවූ කම්කරු පන්ති ජනතාව දිවිපිදූ ඒ වීර ඇමෙරිකානු කම්කරු නායකයන් සැමරීම සහ ඔවුන්ට ගෞරවය දැක්වීමට තම පන්තිමය යුතුකමක් වශයෙන් සලකමින් වසරක් පාසා මැයි 01 වන දින රැලි හා පෙළපාලි පවත්වති.

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හීදි මේ මැයි රැලිය පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ “ රාජ්‍ය පාක්ෂික වෙමු” යන්නයි.

1934 දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය පැවැත්වූයේ මාක්ස්වාදී සංගමයයි. මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරීම වේ. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හිදී පැවැත්විණි. මෙහි තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. ඒ අනුව මැයි දිනය නිවාඩු දිනයක් කර 69 වෙනි සංවත්සරය මෙවර මැයි දිනයට යෙදෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img