32.2 C
Colombo
Saturday, January 17, 2026

සාමකාමී අරගලයට පහරදුන් පොහොට්ටුවේ ආධාරකරුවන්ට සතර දෙසින් ගුටිබැට : පොලිසියේ නිවාඩු අවලංගු කෙරේ

Published:

සාමකාමී අරගලයට පහරදුන් පොහොට්ටුවේ ආධාරකරුවන්ට සතර දෙසින් ගුටිබැට : පොලිසියේ නිවාඩු අවලංගු කෙරේ (PHOTOS)

කොළඹ, ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝ ගම” සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි “මයිනා ගෝ ගම” සාමකාමී අරගල භූමියට අද එල්ලවූ ප්‍රහාරයෙන් පසුව මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කළහකාරී සිදුවීම් වාර්තා වෙමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් නැවත සිය ගම්බිම් බලා යමින් සිටියදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ඔවුන් රැගත් බස් රථ වලට පහරදීම් වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් පහරදී ගිනි තබා ඇත. මේ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් පහරදී ගිනි තබා ඇත.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img