28.4 C
Colombo
Sunday, July 6, 2025

සාකච්ඡා මට්ටමින් ගැටලු විසඳා ගන්නැයි ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් බ්‍රිතාන්‍ය ඉල්ලයි

Published:

සාකච්ඡා මට්ටමින් ගැටලු විසඳා ගන්නැයි ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් බ්‍රිතාන්‍ය ඉල්ලයි

 

මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සඳහා බ්‍රිතාන්‍යය ද මැදිහත් වී තිබෙනවා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් අවසන් කර නැවතත් සාකච්ජා කරන ලෙසට බ්‍රිතාන්‍යය විසින් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම තත්ත්වය හමුවේ පකිස්ථාන අගමැති සහ එරට ජනාධිපතිවරයා අතර හමුවක් සිදු වී තිබෙනවා.

එහිදී ඕනෑම ආක්‍රමණයකට අවශ්‍ය ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට පකිස්ථානය සුදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය අගමැති මෝදී සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන තුරු මෙම සටන් ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් පාකිස්ථානය විසින් සිය ගුවන් කලාපය ඉන්දියානු ගුවන් සමාගම්වලට වසා දැමීමෙන් පසු එයාර් ඉන්දියා ගුවන් සේවයට ඩොලර් මිලියන 600ක් දක්වා අමතර වියදම් ගෙවීමට සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img