30.6 C
Colombo
Sunday, July 6, 2025

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධිය ගැන ජනාධිපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

Published:

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින්.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ප‍්‍රකාශ කළේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණිය මුහුණ පෑ බව කියන අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම හා කාලවකවානුව, ඇගේ අදාළ දින කළ ගමන් බිමන් දත්ත සමග නොගැලපෙන බවයි. CCTV දර්ශන, දුරකතන වාර්තා, GPS මෙන්ම පෞද්ගලික ගමනා ගමන සේවා සපයන ජාත්‍යන්තර ආයතනයක දත්ත ඇසුරෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයේදී ඒ බව සනාථ වී තිබුණා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අදහස් පළ කළා. එහිදී සඳහන් කෙරුණේ මෙය ඒකපාර්ශ්වීය සිදු කරනු ලබන චෝදනාවක් පමණක් වී ඇති බවයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද උන්වහන්සේ අදහස් පළ කරමින් සඳහන් කළේ නිශාන්ත ද සිල්වාව රහසිගතව රටින් පිට රැගෙන යෑමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට හැකියාවක් ඇත් ද බවයි.

මේ අතර ජනාධිපති කාර්යාලයද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අද ප‍්‍රකාශ කර තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරින් කළ විමර්ශනයකින් පසු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවෙන් ඊට අදාළ තොරතුරු ලබාගත හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img