28.4 C
Colombo
Monday, July 7, 2025

ස්විස් තනාපති නිලධාරිනිය CID අත්අඩංගුවට…

Published:

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවිකාවක වන ගානිය වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලබා දුන් උපදෙස් මතයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 වගන්තිවලට අදාළව එම තානාපති කාර්යාල සේවිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලංකා ආණ්ඩුවට විරෝධය දැක්වීමේ අදහසින් කටයුතු කිරීම සහ යම් කරුණක් සම්බන්ධයෙන් නීතිමය කාර්යකදී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ අදහසින් කටයුතු කිරීම යන චෝදනා මතයි.

අත්අඩංගුවට ගත් එම කාන්තාව මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img