30 C
Colombo
Saturday, July 5, 2025

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

Published:

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ඊයේ හදිසි විදුලි බිඳවැටීමක් සිදුඑඅ ඇතැයි වාර්තා වේ.

 

විදුලිය ඇනහිටීම හේතුවෙන් ගුවන් ගමන්වලටද බධා සිදුවූ අතර දෙරට පිහිටි මැඩ්රිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලිස්බන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට ද පියවර ගෙන තිබුණි.

 

දෙරටේ විදුලි සංදේශ කටයුතු ද අඩාල වී ජංගම දුරකතන ජාල වෙතද දැඩි බලපෑම් එල්ල විය.

 

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගර මධ්‍යයේ අලෝක සංඥා පුවරු ක්‍රියා විරහිත වීම හේතුවෙන් එරට දැඩි රථ වහාන තදබදයක්ද නිර්මාණය වූ අතර ස්පාඤ්ඤයේ ජාතික දුම්රිය සමාගම වන රෙන්ෆේ සමාගම පැවසුවේ, විදුලි බලය ඇනහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වූ බවය.

 

මේ අතර පෘතුගාලය චෝදනා කරන්නේ ස්පාඤ්ඤයේ විදුලි බල පද්ධතියේ විදුලි බල දෝෂයක් හේතුවෙන් විදුලිය ඇනහිටීමක් සිදුව ඇති බවය.

 

මේ අතර ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ඇතිවූ විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල ද තාවකාලිකව විදුලිය ඇනහිට තිබූ බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img