27.8 C
Colombo
Monday, August 25, 2025

සහල් ආනයනය වහාම නවත්වන්න – ජනපතිගෙන් උපදෙස්…

Published:

මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි.

ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627කි.

කෙසේ වෙතත් පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img