25 C
Colombo
Thursday, November 27, 2025

සම්මත වූ ව්‍යවස්ථාවෙන් ලංකාවට වෙන අලුත්ම වෙනස…

Published:

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21වන සංශෝධනය ලෙසය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමය.

දස දෙනකුගෙන් යුත් එම ව්‍යවස්ථාදායක සභාවට කථානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වෙයි.

ජනාධිපතිවරයා පත්කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත්ය.

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කරනු ලබන්නේ, අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.

අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි.

ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකයින්, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍යසේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකරන්නේ ද ව්‍යවස්ථාදායක සභාවෙනි.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

එමෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවීමේ අවස්ථාව ද අහෝසි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (21) සම්මත වූ මොහොතේ සිට ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ සිටින්නේ නම් ඔවුන් සියලුදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img