28.4 C
Colombo
Tuesday, August 26, 2025

සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

Published:

සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

රටේ පවතින කොවිඩ් – 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත.

සියලුදෙනා කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිස මෙම උපදෙස් මාලාව ලබා දි ඇති බව එම අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img