පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවය.
මේ අතර කොට්ඨාශ මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙයි.
කොට්ඨාස මට්ටමින් තේරී පත් වී ඇති කාන්තා නියෝජනයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පත් කළ යුතු කාන්තා නියෝජිතයින් පිළිබඳව දැනුම්දීමට නියමිතය.