28.4 C
Colombo
Monday, July 7, 2025

සබරගමුවේ නවකවද සිද්ධිය සහ කොස්ගොඩ තරුණායගේ සිද්ධියේ විමර්ශන CIDයට

Published:

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

 

මේ සම්බන්ධව පසුගිය 29 වැනි දින සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව පෙරේදා (02) දින සමනලවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

 

ඒ අනුව ඊයේ (03) දින වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

මේ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි කොස්ගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධව විමර්ශන කටයුතු ද ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

 

පසුගිය 01 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ සැකකරුවෙකු 2025.05.02 වන දින පොලිස් භාරයේ සිටියදී මිය යන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img