28.9 C
Colombo
Friday, August 22, 2025

සනත් නිශාන්තට රට යන්න අවසර නොලැබේ…

Published:

ගෝඨා ගෝගම ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි නිරායුධ අරගල කරුවන්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවකු වන අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා ප්‍රධාන රාජ්‍ය මහතාට සතියක කාලයක් වන්දනා චාරිකාවක් සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ ( 16) ප්‍රතික්ෂේප කරන කළා .

පසුගිය මැයි 9 වැනිදා සිදුවූ එම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන රාජ්‍ය ඇමැතිවරයාට විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය දැඩි ලෙස විරුද්ධ වන බව කියමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය .

එම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබූ සනත් නිශාන්ත මහතාට ඇප ලබා දුන් දින අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් පනවා තිබිණි . මේ අතර එම පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අවදියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව විදේශ ගමන් වැළැක්වීමේ නියෝගයක් පනවා තිබූ හිටපු ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොන්දේසි පනවා විදේශගත වීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,368FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img