29 C
Colombo
Monday, October 13, 2025

සංචිත වත්කම්වල ඉහළ යාමක්…

Published:

පසුගිය නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාව සතු මුළු නිල සංචිත වත්කම්වල ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මස පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1804 දක්වා වර්ධනය වී තිබේ. මෙය නිල සංචිත වත්කම්වල සියයට 5.8 ක ඉහළ යෑමකි.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඉකුත් ඔක්තෝබර් මස අග පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඉකුත් නොවැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1732 දක්වා සියයට 7.6 කින් වර්ධනය වී තිබෙනවා.

රත්රන් සංචිතයද පසුගිය ඔක්තෝබර් අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 25 සිට ඉකුත් නොවැම්බර් මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 27 දක්වා සියයට 8.3 කින්ද වර්ධනය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img