28.4 C
Colombo
Monday, July 7, 2025

ෂාෆ්ටර්ගේ මෘත දේහය මිහිදන් කළ තැනට පොලිස් ආරක්ෂාව…

Published:

මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගැනීමට අවශ්‍ය කටයුතු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මැයි මස 25 වනදින දේහය ගොඩගැනීමට නියමිත බවය.

ඒ අනුව මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මිහිදන් කරන තිබෙන ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මහෙස්ත්‍රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥයින්ගේ මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිරුර ගොඩගැනීමට නියමිත බව ද නිහාල් තල්දුව මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img