31.7 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය අද – තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ නොවේ…

Published:

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය අද – තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ නොවේ…

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය හරාරේහිදී අද (19) ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 01.30 ටයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ වසර 04 කට පසුවයි.

2016 වසරේ අවසන් වරට එරට ටෙස්ට් තරග සංචාරයක නිරත වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග 02 කින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය රංගන හේරත්ගේ නායකත්වය යටතේ 2 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 18 ක්. ඉන් තරග 13 ක් ශ‍්‍රී ලංකාව ජයගත් අතර තරග 05ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට එරෙහිව මේ දක්වා ටෙස්ට් කි‍්‍රකට් තරග ජයක් වාර්තා කර නැහැ. ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ නොවන තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ.

සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවන අතර ශ‍්‍රී ලංකා පිළ එහි 06 වන ස්ථානයට හිමිකම් කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img