31.7 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරදවයි…

Published:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේ ය.

මේ තරගයේ පළමුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 515 ක් රැස් කළේ ය.

සිම්බාබ්වේ හරාරේ හීදී අද දිනයේ තරගය ආරම්භ කරන විට සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණූ 30 ක් රැස් කරගෙන සිටියේ ය.

අද පළමු කඩුල්ල ලෙසින් ප්‍රින්ස් මෂුවාරි දැවී ගිය අතර, බ්‍රයන් මුඩිසින්ගන්යාමා සහ ක්‍රේග් අර්වින් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියහ.

අනතුරුව බ්‍රෙන්ඩන් ටේලර් හා නායක ශෝන් විලියම්ස් සිව්වන කඩුල්ලට ලකුණු 79 ක සබඳතාවක් ගොඩනැගූහ.

සුරංග ලක්මාල් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38 කට දවාගත් අතර නායක ශෝන් විලියම්ස් ලකුණූ 39 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

සුරංග කඩුලු 4 ක් දවා ගත් අතර ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත කඩුළු 2 ක් දවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණූ 14 ක ඉලක්කයක් හිමිවු අතර ඔවුන් පන්දුවාර 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ජයග්‍රහණය වාර්තා කළේ ය.

පළමු ඉණිමේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img