28.4 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකාවේ හිටපු අගමැති දි මු ජයරත්න දිවියෙන් සමු ගනී

Published:

ශ්‍රී ලංකාවේ හිටපු අගමැති දි මු ජයරත්න දිවියෙන් සමු ගනී

ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ දි මු ජයරත්න (දිසානායක මුදියන්සේලාගේ ජයරත්න) අඟහරුවාදා (නොවැම්බර් 19) සිය දිවියෙන් සමුගත්තේය.

මහනුවර පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වන විට ඔහු 88 වැනි වියෙහි පසු විය.

1931 ජුනි 4 වෙනිදා උපත ලැබූ දි. මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වැනි සාමාජිකයා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ ඉහළින් ඔසවා තැබීමට සුවිශේෂ කැපවීමකින් කටයුතු කළ දිමු, 1970 දී ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

1977 මහ මැතිවරණයෙන් පරාජය ලැබූ ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ 1994 දීය. ඒ පොදු පෙරමුණ නියෝජනය කරමිනි.

එම ආණ්ඩුව තුළ ප්‍රථම වරට ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරිණි.

ඉන් පසු, විවිධ අමාත්‍ය තනතුරු ඔහු දැරීය.

1994 – ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ පශු සම්පත්

1997 – ඉඩම්, කෘෂිකර්ම, සහ වන සංරක්ෂණ

1997 – ඉඩම් සහ කෘෂිකර්ම

2000 – කෘෂිකර්ම

2001 – ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ අහාර හා සමුපකාර සංවර්ධන

2004 – තැපැල් සහ විදුලි සංදේශ

2005 – විදුලි සංදේශ සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන

2006 – විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන

2007 – වැවිලි කර්මාන්ත

ඉන් පසු ඔහු, 2010 සිට 2015 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේය. බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද එම කාලයේදී ඔහු ක්‍රියා කළේය.

දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියා වූ දි මු ජයරත්න ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර චරිතයක් ලෙස සැලකේ.

ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මෙතෙක් ජීවතුන් අතර සිටි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img