27.8 C
Colombo
Monday, August 25, 2025

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියමුවෙකුට කොරෝනා වැළදේ : ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක්ට ස්වයං නිරෝධායනය කෙරේ…

Published:

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියමුවෙකුට කොරෝනා වැළදේ : ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක්ට ස්වයං නිරෝධායනය කෙරේ…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තවනවා.

ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img