30.6 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන අවසන් තීරණාත්මක තරඟය අද…

Published:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් එක්දින තරගාවලියට අයත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර, එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තීරණාත්මක ගැටුම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වේ.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 60කින් ඇෆ්ගනිස්තානය ජය ගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

මේ හේතුවෙන් තරග 1- 0ක් ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටින අතර, ශ්‍රී ලංකාව අද තරගය ජය ගත හොත් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමේ හැකියාව උදා වේ.

යම් හෙයකින් ඇෆ්ගනිස්තානය ජය වාර්තා කළ හොත් හෝ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව තරගය නිමා වුව හොත් ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

මේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු පෙරේදා විවාහ දිවියට ඇතුළත් වූ අතර, එම මංගල සීනු හඬින් පසු ඊයේ දිනයේ කණ්ඩායම සමඟ එක්ව ඔවුහු තිදෙනා පුහුණුවීම් ආරම්භ කළහ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, මැදපෙළ පිතිකරු චරිත් අසලංක හා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මෙසේ යුග දිවියට ඇතුළත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img