26.1 C
Colombo
Monday, January 19, 2026

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක..- රතු කුරුසය

Published:

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාම අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි රතුකුරුස සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි. මෙම තත්ත්වය මත හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

වෛද්‍ය උපාංග හිඟය හේතුවෙන් ඇතැම් සාමාන්‍ය ශල්‍යකර්ම පවා අවලංගු කර ඇති බවත් රුධිර පාරවිලයන සේවාවට ද බාධා එල්ල වී ඇති බවත් සංවිධානය කියා සිටී.

මෙම තත්වය වඩාත් දරුණු බවට පත්ව ඇත්තේ වතුකරයේ ජනතාවට බවත් ඔවුනට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම ඉතාම අපහසු වී ඇති බවත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img