27.2 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකාවට සහාය දුන් හේතුව ඉන්දීය විදේශ ඇමති හෙළිකරයි…

Published:

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් ඊයේ (07) එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවය.

එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඊයේ දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිසංකර් සඳහන් කළේ, ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවය.

එය ඉන්දීය වත්මන් රජය ද අනුගමනය කළ අතර ශ්‍රී ලංකාවේ  දෙමළ ප්‍රජාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි වඩාත් ඵලදායිම ක්‍රමය එය බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී වාර්ගික ප්‍රවේශයක් නොගන්නා අතර ඉන්දීයාව සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img