28.4 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 60 ක පරාජයක්…

Published:

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරඟය ලකුණු 60 කින් ජයගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 08ක් දැවී ලකුණු 294ක් ලබාගැනීමට සමත්විය .

එහිදී අනගි ඉනිමක් දියත් කළ ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 106 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 42 කට කඩුළු 2 ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38 කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණි.
එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 85 ක් හා වනිඳු හසරංග 66 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ෆාරුකී ලකුණු 49 කට කඩුළු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා ඊබ්‍රාහිම් සද්රාන්

දෙරට අතර දෙවැනි එක්දින තරඟය ඉරිදා (27) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img