28.4 C
Colombo
Sunday, July 6, 2025

ඉන්දීය වෙඩිතැබීමකින් ත්‍රස්ත අණදෙන නිලධාරියෙකු මරුට

Published:

ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේදී දෙරටේ හමුදා අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දීය හමුදා මුරපොළ ඉලක්ක කරමින් පාකිස්තාන හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඉන්දීය ආරක්ෂක හමුදා වෙඩි තැබීමක් සිදුකර ඇති බවය.

කෙසේ වුවද ඉන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

ඒ අනුව දෙරටේම හමුදා පාලන සීමාව ආසන්නයේ වාසය කරන පිරිසට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් නියෝග කර ඇතැයි සඳහන් ය.

මේ අතර පහල්ගම් හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ නිවාස ඊයේ රාත්‍රියේදී පුපුරා ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔවුන්ගේ නිවාස තුළ අටවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඊට හේතුවී ඇතැයි සඳහන් ය.

ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට එරෙහිව ඉන්දීය රජය අනුගමනය කරන සියලුම ක්‍රියාමාර්ගවලට එරට සියලුම විපක්ෂ දේශපාලන පක්ෂවල ද සහාය මේ වනවිට හිමිවී තිබීම විශේෂත්වයකි.

මේ අතර ඉන්දීය ආරක්ෂ අංශ විසින් අද (25) සිදුකළ මෙහෙයුමකින් ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අල්තාෆ් ලලි වෙඩිතබා ඝාතනය කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ බන්ඩිපුරා හිදි සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.

ඉකුත් අප්‍රේල් 22වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරුකැඳවූ පහල්ගම් ප්‍රහාරයේ වගකීම මෙම ලෂ්කර්-ඊ-තායිබා සංවිධානය විසින් මේ වනවිට භාරගෙන තිබේ.

ඒ හේතුවෙන් එම සංවිධානයේ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img