30 C
Colombo
Wednesday, September 3, 2025

ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිතයින් නිකුත් කළ නිවේදනය…

Published:

ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිතයින් නිකුත් කළ නිවේදනය…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයෙන් පසුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව උද්ධමනය ඉහල යාම පාලනය කල හැකි ප්‍රතිසංස්කරණද ලංකාවට අවශ්‍ය බව හැඟීයන බවත් මෙරට දිලිඳු සහ අවදානම් ප්‍රජාවට තවදුරටත් සහන අවශ්‍ය වන බව IMF නියෝජිතයින් සඳහන් කර සිටිනවා.

එමෙන්ම දිගුකාලීන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන බවත් , දුෂණය අඩු කලයුතු අතර ආර්ථික වර්ධනය ඉහල නැංවීමේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවට ඔවුන් සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ දීර්ඝකාලීන අරමුදල් සම්පාදන වැඩපිලිවෙලක් අනුමත වීමසඳහා ලංකාවේ ණය හිමියන්ගෙන් මෙරට ණය ස්ථාවරභාවය සම්බන්ධයෙන් ප්‍රමාණවත් මූල්‍යසහතිකයක් අවශ්‍ය වන බවද ඔවුන් සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිතයින් ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img