26.1 C
Colombo
Tuesday, January 20, 2026

ශෂී වීරවංශට එරෙහි තවත් නඩුවක්…

Published:

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි තවත් නඩුවක් විභාගය සඳහා පෙබරවාරි මස 24 වන දා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම අද (නොවැ. 18) නියම කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පතක් ආගමන හා විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත.

අව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් මැයි මස 27 වන දා නියම කළේ ය.

පසුව එම දඬුවමට එරෙහිව වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img