29.5 C
Colombo
Sunday, July 6, 2025

ශම්මි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3කට පත් කෙරේ

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබේ.

ඒ ඊයේ (01) පැවති එම කවුන්සිලයේ රැස්වීමකදීය.

ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහා පත් කිරීමට පියවර ගෙන ඇත.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් සභාපති ධුරයට නිතරගෙයන් තේරීපත්වුණි.

ඒ 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහායි.

ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img