සියලු සත්වයින් සසර දුකින් ඒතෙර කරවීමේ මහා කරුණාවෙන් සිදුහත් කුමරුන්ගේ ඉපදීමත්, සිදුහත් බෝසතාණන්ගේ බුදුවීමත්, තිලෝගුරු සම්බුදු පියාණන්ගේ පිරිනිවන් පෑමත් සිදුවූ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය අදයි.
සසරේ ඉපදෙමින් මියෙමින් පාරමිතා පූර්ණය කරමින් සිය අවසන් භවයේදී සියලු ෙලා් සතුන් සසරින් ඒතෙර කරවීෙම් මහා කරුණාවෙන් අප මහා බෝසතාණන් සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උපත ලැබුවේ අද වන් පොහෝ දිනකයි.
බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්.
වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා අපමණ වෙහෙසක් දැරූ අප මහා ෙබා්සතාණෝ බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිට දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වුණේ ද අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනකදීය.
සියලු ලෝ සතුන් ෙවනුවෙන් මහා කරුණාවෙන් වැඩ සිටි අප බුදු පියාණන් දෙව් මිනිස් සියලු ෙදනා කම්පාවට පත් කරමිනුත් ජීවිතයේ අනියත කියා දෙමිනුත් කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී අද වන් වෙසක් පුන් පොහෝ දිනකදී පිරිනිවන් පෑ සේක.
ලක්වැසි ෙබාදු ජනතාවට ද ශාසනික වශයෙන් වෙසක් පුන් පොහෝ දිනය වැදගත් වේ.
බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළහ.
රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනක සිදුකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්.