27.2 C
Colombo
Monday, July 7, 2025

වෙසක් උත්සවයට කොළඹ රථවාහන සැලැස්මක්

Published:

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබේ.

 

ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.14 වන දින දක්වාද, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා සහ සිරස වෙසක් කලාපය 2025.05.12 දින සිට 2025.05.13 වන දින දක්වාද පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

 

බෞද්ධාලෝක වෙසක් කළාපය, බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භව බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා පැවැත්වේ.

 

බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොම්පඤ්ඤවීදිය පොලීසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද, එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හි පැවැත්වේ.

 

මීට අමතරව, බේබෘක් පෙදෙස සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වා ද වෙසක් කලාපයක් පැවැත්වේ.

 

ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිතව ඇත.

 

ඒ අනුව 2025.05.12 වන දින සිට 2025.05.13 වන දින දක්වා කාලය තුල කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 0700 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදු කරනු ලැබේ.

 

රථවාහන සැලැස්ම පිළීබත සම්පූර්ණ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img