26.9 C
Colombo
Tuesday, January 20, 2026

වෘත්තීය නීතිඥ දිවියේ පනස්වන වසර සැමරූ ජනපති රනිල්…

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ සංවිධානය කර තිබුණා.

මෙරට නීති වෘත්තිකයින් විසින් මෙම විශේෂ සැමරුම් උත්සවය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාය කර තිබූ බවයි වාර්තා වුණේ.

මේ සඳහා මෙරට දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් එක්ව සිටියා.

උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගී වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img