27.2 C
Colombo
Saturday, July 19, 2025

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයි…

Published:

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයි…

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත් කර හැරුණු බවයි.

ඔවුන් අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිත අතර එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යනු ඇත.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි  මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන එනු ලැබුවේය.

ඉන්පසුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමට කටයුතු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img