23.9 C
Colombo
Wednesday, November 26, 2025

විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට…

Published:

ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. 2023 මුදල් වර්ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පතට ඉකුත් 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා. ඒ අනුව ලබන වසර සදහා වන රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අතර අද දිනයේදී ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

හෙට දිනයේදී අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6ක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර සිකුරාදා පස්වරු 5ට 22 වන සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img