30.6 C
Colombo
Sunday, July 6, 2025

විශේෂ ගුවන් යානය මත්තලට ගොඩ බස්වයි…

Published:

විශේෂ ගුවන් යානය මත්තලට ගොඩ බස්වයි…

චිනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙක් සහ එහි සිටි ඔවුන්ගේ පවුල්වල ඥාතින් රැගත් ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරණ විශේෂ ගුවන් යානය මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුයම ගොඩ බස්වනු ලැබුවා.

මෙලෙස පැමිණි පිරිස විශේෂ බස් රථයකින් ආරක්ෂා සහිතව දියතලාව හමුදා කඳවුරේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන අතර එහිදී දින 14ක කාලයක් රඳවා ගනිමින් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය සතියේදී චීන බලධාරින් විසින් වුහාන් නගරය වසා දැමීමට පියවර ගනු ලැබීමත් සමග එහි සිටි ලාංකික සිසුන් ඇතුළු පිරිස මුදවා ගැනීමට මෙරට රජය චීන බලධාරින් සමග සාකච්ජා ආරම්භ කරනු ලැබුවා.

එම සාකච්ජාවල ප්‍රතිපලයක් අනුව වුහාන් නගරයේ සිටින ලාංකිකයින් යලි සිය රට බලා රැගෙන ඒම සඳහා විශේෂ පුහුණුවකින් ලැබූ කාර්ය මණ්ඩලයක් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (31) සවස කටුනායක සිට ගුවන් ගතවිය.

මෙරට වේලාවෙන් අලුයම 2.00 ට පමණ එම විශේෂ ගුවන් යානය වුහාන් හි පිහිටි ටියැංහි ගුවන්තොටුපොළෙන් යළි මෙරට බලා ගමන් ආරම්භ කරනු ලැබුවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සෞඛ්‍ය, විදේශ සබඳතා, සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින්ද කැඳවා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබුවා.

වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට පූර්ණ කැපවීමෙන් සහය දැක් වූ සියළු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමි වූ අතර ජනතාව ආරක්ෂා කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබුවා.

චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමට විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ගද මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

වූහාන් සිට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දී ඔවුන් රැක බලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් වත්මන් තත්ත්වයට මුහුණ දීමට ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img