27.2 C
Colombo
Tuesday, August 26, 2025

විශේෂඥ වෛද්‍ය නිර්දේශයෙන් තොරව ඖෂධ අලෙවි නොකරන ලෙසට නියෝගයක්…

Published:

විශේෂඥ වෛද්‍ය නිර්දේශයෙන් තොරව ඖෂධ අලෙවි නොකරන ලෙසට නියෝගයක්…

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සියලූ සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නියෝග කර තිබෙනවා.

මෙම නියෝගයන් කඩ කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුම් දෙන්නේ.

මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශ තීරණය කළා.

ඒ, අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමගයි. ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සදහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබෙනවා.

මැලේරියා රෝගීන්ට ලබා දෙන ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධ තොග ද අද දිනයේදී වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img