27.8 C
Colombo
Tuesday, August 26, 2025

විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ සිට ඇරඹෙයි…

Published:

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවය.

සති දෙකක කාලයක් තුළ එම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු පුරප්පාඩු පවතින්නේ නම් පුරප්පාඩු පවතින පාඨමාලා සඳහා අභියාචනා සලකා ලැබීමට කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා කඩඉම් ලකුණු පසුගිය 02 වන දින නිකුත් කරනු ලැබීය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු පාඨමාලා පිළිබඳව සිසුන් මේ වන විටත් දැනුවත් කර ඇති අතර ඒ අනුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img