27.8 C
Colombo
Thursday, August 21, 2025

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවමක්…

Published:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ වුවොත් අමතරව මාස හයක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සාමාජික විනිසුරු ගාමිණී අමරසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ තමන් ද අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවයි.

ඒ, අනුව තමා ඔහුට මාස 30ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කරන බවත්, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව මාස 06ක සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා සදහන් කළා.

2020 වසරේ ජනවාරි මස 19 වනදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img